Wednesday, April 1, 2009

Nathasha Perera Profile

Sri Lanka 2009

කලා කුසලතා සපිරි නව යොවුන් කුමරිය නතාෂා කියයි.

පුංචි නතාෂා දැන් ලොකු ළමයෙක්. ඇගේ කලා ජීවිතයට දැන් වසර දහයකුත් සම්පූර්ණ වෙලා. වසර දහයක් කියන්නේ පුංචි කාලයක් නෙවෙයිනේ. ඒ වුණාට නතාෂා පෙරේරා තාමත් පුංචි නාතාෂාමයි.ඉතින් මේ ජනවාරියේ තම කලා ජීවිතයේ දශකයක් සම්පූර්ණ කරන පුංචි නතාෂා සමඟ චුට්ටක් කතා කරන්න සරසවිය කල්පනා කළා.ඒ නිසා අපි නතාෂා පදිංචි වෙලා ඉන්න කිරුළපන එයාලගේ ගෙදරට ගියා.ඇය පහුගිය කාලේ කරපු කියපු දේවල් ඇගේ නිවසට යන ඕනෑ කෙනෙකුට දකින්න පුළුවන්. ඇය ගැන ලියවුණු පත්තර ලිපි ගේ පුරාම අලවලා. දඟ මල්ල සහ අමුතු ඉස්කෝලේ වේදිකා නාට්‍යයේ වගේම ‘දඟමල්ල’ටෙලි නාට්‍යයේත් විවිධ අවස්ථාවල ඡායාරූපවලින් නතාෂාගේ ගේ පිරිලා. දඟකාර වයසේ ගෑනු ළමයකුගේ ගෙදර තිබෙන සුන්දරත්වය ඇගේ ගෙදරත් තියෙනවා.

ඉතිං පහුගිය දවස්වල මොකද කළේ?

අම්මත් එක්ක අපි ඉස්සරහට වෙලා හිනා වෙවී ඉන්න නතාෂාගෙන් එහෙම ඇහුවාම එයා උත්තර දුන්නෙත් හිනාවෙමිනි.

පහුගිය දවස් ටිකේම පාඩම් කළා. මොකද මම විශාරද විභාගයේ පළමුවැනි කොටස කළානේ. දැන් පොඩි නිදහසක් තියෙනවා. විභාගෙ ඉවර නිසා. ඒ වුණාට විද්‍යා අංශයෙන් A/L කරන හින්දා ඒකටත් ලෑස්ති වෙනවා.

නතාෂා පෙරේරාගේ දෙවැනි සී. ඩී එක ‘ සුළං කුරුල්ලනේ’ දැන් වෙළෙඳ පොළට නිකුත් කරල තියෙනවා. ඒකට ගොඩක් ප‍්‍රතිචාර තියෙනවා කියලා ඇය කියන්නේ ගොඩාක් සතුටින්.

‘ඒකේ තියෙන්නේ ඔක්කොම ළමා ගීත. ඒක නිසා ගොඩක් හොඳ ප‍්‍රතිචාර තියෙනවා. මේ සී. ඩී එක මම කළේ අවු: 5 කට පස්සෙයි.


රෝහණ ධර්මකීර්ති සංගීතය මුසු කළ ආනන්ද රංහිඳහේවා ලියූ එඩ්වඩ් ජයකොඩි සමඟ ඇය ගැයූ සුළඟක් වී මා යනවා ගීතය ජනප‍්‍රිය ;වන්නටත් පෙර ඇය ගීත ගයා තිබුණා.

හරියටම නතාෂා සිංදු කියන්න පටන් ගත්තෙ අවුරුදු 7 දී.එතකොට නම් ඇය ගොඩක් පුංචියි. මේ ක්ෂේත‍්‍රය ගැන අවබෝධයක්වත් නැති කාලයක්. දැන් නම් ඇයට යමක් තේරුම් ගන්න පුළුවන්. පහුගිය අවුරුදු 10 තුළ ඇය ජනප‍්‍රිය ගායිකාවක් වුණා. ඒ විතරක් නොවෙයි, සම්මානනීය ළමා නිළියක් ලෙසත් ඇය ගොඩක් දෙනෙක්ගෙ ආදරය දිනා ගත්තා.

නතාෂා ගෙවිච්ච අවු: 10 ක කාලය එයාට දැනෙන විදියට අපිට කිව්වේ මෙහෙමයි.

‘මට හිතෙනවා ඒක ලොකු කාලයක්. මං මොකුත්ම දන්නෙ නැතුවයි සිංදු කිව්වේ. ඉතින් . . . ලොකු සතුටක් දැනෙනවා. ඇත්තම කිව්වොත් ඒ ගෙවුණු අවු: 10 දි වෙච්ච දේවල් හරි ලස්සනයි.

මොකක්ද අමුතු සතුටක් නතාෂාගේ ඇස් දෙකේ තිබුණා. ඇය මේ දේවල් කිව්වේ එයාගේ අම්මා දිහා බලාගෙන. ඒක හරියට මේ හැම දෙයක්ම අම්ම නිසයි කියලා කියන්න වගේ හැඟීමක්. ඇත්තටම නතාෂා ආපු ගමන් මග දිහා බලන කොට ඇගේ අම්මට ඇත්තේ අපමණ සතුටක්. නතාෂා ටිකක් වෙලා මොකක්ම කතා නොකර බිම බලාගෙන හිටියා. සමහර වෙලාවට ඇයට කියන්න හිතෙන තවත් දේ කියන්න ඇති. ගෙවුණු අවුරුදු 10 තුළ ඇයට බොහෝ දේ හිමි වුණා.

‘මට ගොඩක් දෙනෙක්ගේ ආදරය ලැබුණා. මට රඟපාන්න ලැබුණා. නිවේදිකාවක් වුණා. රඟපාලා සම්මානත් හිමි වුණා. හරි සතුටුයි ඉතින්. මට ඒක කියා ගන්න බෑ. මට දැනෙන්නේ ගිය අවු: 10 තුළ හැමදාම මොකක් හරි දෙයක් නිසා මම රසිකයන් අතර සිටියා කියලයි.

ඇගේ ගමන් මඟ දිහා බලද්දී ඒක ඇත්තක්. ළමා ගායන ශිල්පියෙක් ලෙස ඇය ජනප‍්‍රිය වෙද්දී ටික කාලයක් යනකොට වේදිකා නාට්‍ය ළමා නිළියක් ලෙසින් ඇය ජනප‍්‍රිය වුණා. ඊට පස්සේ ඇය රසිකයන් අතරට ආවේ ටෙලි, නාට්‍ය ළමා නිළියක් ලෙසින්. දැන් අපි ඇයව රූපවාහිනී නිවේදිකාවක් ලෙසින්ද දකිනවා. මේ විදියට බලන කොට ඇය ඇත්තටම වාසනාවන්ත පුංචි කලාකාරියක්.


‘දඟමල්ල සහ අපූරු ඉස්කෝලේ කියන වේදිකා නාට්‍යයත් ‘දඟමල්ල’ කියන ටෙලි නාට්‍යයත් නිර්මාණය කළ නාලක ස්වර්ණතිලක ස්වර්ණවාහිනියේදී හමු වන වෙලාවක කියපු කතාවක් මේ වෙලාවේ මතක් වෙනවා.

නාලක කිව්වේ නතාෂා ඉස්සෙල්ලට වඩා දැන් වෙනස් වෙලා කියලයි.

‘ඔයා දැන් මහත් වෙලාලු, උස ගිහිල්ලලු නාලක මාමට අඳුර ගන්නත් බැරි වුණා කිව්වා’.

නතාෂා අපි දිහා බැලුවේ හිනාවෙවීමයි. එයාගේ අම්මත් ලඟම හිටියා.

ඇත්තටම එදාට වඩා නතාෂා අද වෙනස් වෙලාද?

අනේ නෑ, එදා හිටපු නතාෂාමයි අදත් ඉන්නේ. එදාට වඩා වෙනසක් අද තියනවා නම් වයස විතරයි’

නතාෂා පෙරේරා හැම දෙනාගේම ආදරය දිනූ ළමා ගායන ශිල්පිනියක්. ඇයට පුදුමාකාර රසිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය අතර ලොකු, කුඩා, තරුණ විවිධ පිරිස් ඉන්නවා. පහුගිය කාලය පුරාම ඇයට ආපු ලියුම් මිටිය දැක්කොත් ඔයාලටත් පුදුම හිතෙයි. හැබැයි නතාෂා ඒවා විසි කරන්නේ නෑ. අම්මත් එක්ක එකතු වෙලා හැම ලියුමක්ම කියවනවා.

‘එත් ඉතින් හැමෝටම ලියන්න මට බෑනේ. මට ආදරේ කරන හැමටම මමත් ආදරෙයි. පිළිතුරු නාවට තරහා වෙන්න එපා කියන්න.

නතාෂා අපි හැමදාම දැක්කෙ ළමා ශිල්පිනියක් විදියටයි. හැබැයි ඇගේ මධුර ස්වරයෙන් ඕනෑම ගීතයක් රසවත්ව ගයන්නට හැකි බව අපි දන්නවා. ඒ ගැන ඇය හිතන්නේ මෙහෙමයි.


‘හැමදාම ළමා ගීත ගායනා කරනවා කියල මම කියන්නේ නෑ. විවිධ තේමාවලින් යුත් ගීත ඉදිරියේදී මට ගයන්න පුළුවන් වෙයි’.

සෙඳුරු රුවැති යහපත් ගෑනු ළමයෙක් නැත්නම් පුංචි ශිල්පිනියක් වන නතාෂාට හොඳින් රඟන්නත් පුළුවන්. ඇය ඉදිරියේදී ‘දඟමල්ල’ වගේ හොඳ සුන්දර ළමා නාට්‍යයක් ලැබුණොත් රඟපාන්න සූදානමින් ඉන්නවා.





Song

Tharaka - Nathasha Perera


No comments: